NextWatch

රේණුක පෙරේරා ඇප මත නිදහස්.

දූෂණ චෝදනාවක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය.

අද දින සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මෙලෙස නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කර තිබේ.

නීතිවිරෝධී ලෙස බස්රථ සඳහා මාර්ග ධාවන බලපත්‍ර ලබාදීමේ සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම විසින් පසුගිය 17 වනදා රේණුක පෙරේරා මහතාව අත්අඩංගුවට ගනු ලැබූ අතර, අද දිනය දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මින් පෙර නියෝග කර තිබුණි.

ඔහුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධානයන්ට සහ 2014.09.19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයේ නිර්දේශවලට පටහැනිව කටයුතු කිරීමයි. ඒ යටතේ දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී සේවා අවසරපත් 56ක් නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව සහ අදාළ වාර්ෂික ගාස්තු එකවර අයකර ගැනීමකින් තොරව නිකුත් කර ඇති බවට අල්ලස් කොමිසම විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

Exit mobile version