NextWatch

ගෝඨාභය රාජපක්ශ අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා. ඒ, 2011 වසරේදී අතුරුදන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන ක්‍රියාකාරීන් දෙදෙනා සම්බන්ධ නඩු විභාගයේදී සාක්ෂි ලබාදීම සඳහායි.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන මෙම නඩු කටයුත්ත සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මාර්ගගත (Online) තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීමට නියමිතව තිබෙනවා. එම නියෝගය යාපනය ප්‍රධාන මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා විසින් පසුගිය අගෝස්තු 7 වැනිදා ලබාදී තිබුණා.

පසුගිය 2011 වසරේ දෙසැම්බර් මස 10 වනදා යාපනය, ආවරංකාල් ප්‍රදේශයේදී ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා කරමින් මෙම නඩුව විභාගයට ගැනෙනවා.

මෙම අතුරුදන්වීම සිදුවූ කාලසීමාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

Exit mobile version