NextWatch

මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන්ට එරෙහිව ලබාදී ඇති නිගමනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (30) නියෝග කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් සිදුකර ඇති අදාළ නිගමනය නීතියට පටහැනි බව පවසමින් එය අහෝසි කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරයා මෙම රිට් පෙත්සම අධිකරණය හමුවේ ගොනුකර තිබුණි.

Exit mobile version