2027 වසර සඳහා වන අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.ඊට පෙර 2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ඔක්තෝබර් 7 වැනිදා සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කර සිටියා.
අයවැය කතාවෙන් අනතුරුව නොවැම්බර් 13 සිට 20 දක්වා දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර, එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි.
ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා ආරම්භ කර දෙසැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වෙනවා. අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ අතර, දෙවැනිවර කියවීමේ විවාදය සඳහා කාලයෙන් 60%ක් ආණ්ඩු පක්ෂයටත් 40%ක් විපක්ෂයටත් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. කාරක සභා අවස්ථාවේදී එම අනුපාතය වෙනස් කර ආණ්ඩු පක්ෂයට 40%ක් සහ විපක්ෂයට 60%ක් ලෙස කාලය වෙන් කිරීමට නියමිතයි.
අයවැය විවාද පැවැත්වෙන කාලය තුළ රජයේ නිවාඩු සහ ඉරිදා දිනවලට අමතරව සෙනසුරාදා දිනවලදීද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව සඳහන්.
