NextWatch

CPC යට සමාන ලෙස LIOC සමාගමත් ඉන්ධන මිල ඉහළ දමයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කිරීමත් සමඟ, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) ද ඊට සමානව සිය ඉන්ධන මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 414ක් ලෙස සටහන් වේ. සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 392කි. එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දක්වා ඇත්තේ රුපියල් 528ක් ලෙසයි.

කෙසේ වෙතත්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 475 යන පැවැති මිලෙහිම පවතින අතර, භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 285 ලෙස කිසිදු වෙනසක් සිදු නොකර පවත්වාගෙන යාමට එම සමාගම පියවර ගෙන තිබේ.

Exit mobile version