NextWatch

විමල් වීරවංශ හෙට මධ්‍යම අපරාධ විමර්ශනයට

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට හෙට (02) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

පසුගිය සැප්තැම්බර් 12 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුරයේ සංවිධානය කළ “ජන සටන” රැලිය ඇමතූ විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස වී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි. ඒ අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

මෙම පරීක්ෂණයට අදාළව අනුරාධපුර රැස්වීමේදී විමල් වීරවංශ මහතා කළ කතාවේ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන ලබා ගැනීමට ද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කටයුතු කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැලියේදී විමල් වීරවංශ මහතා අදහස් දක්වමින්, නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස සම්බන්ධයෙන් ආණ්ඩුව දේශපාලන පළිගැනීම් සිදු කරන බවටත්, වත්මන් පාලනය යටතේ දඩයමක් ක්‍රියාත්මක වන බවටත් දැඩි ලෙස විවේචනාත්මකව අදහස් පළ කර තිබුණි.

Exit mobile version