දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු අනතුරු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව දක්වමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (05) පූර්වාහ්න 11.00ට නිකුත් කරන ලද මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (06) අලුයම 1.00 දක්වා වලංගු වන බව අදාළ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඊට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණ සහ උතුරු මැද යන පළාත්වලට මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයට ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු පතිත වීමේ වැඩි ඉඩකඩක් පවතී.
වැසි රහිත හෝ තද වැසි සහිත අවස්ථාවලදී තාවකාලිකව ප්‍රබල සුළං තත්ත්වයන් ද ඇතිවිය හැකි බැවින්, අකුණු සහ සුළං මඟින් සිදුවිය හැකි හානි අවම කරගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
