කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයකට හෙට (06) පෙරවරු 9.00 සිට ඔක්තෝබර් 08 වැනිදා පෙරවරු 9.00 දක්වා පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
කටුගස්තොට ජල පවිත්‍රාගාරයේ සිදුකිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
මෙම ජල කප්පාදුවෙන් උඩුවාවල, රජපිහිල්ල සහ ගෝනිගොඩ යන ප්‍රදේශවලටද බලපෑම් එල්ල වන බව සඳහන්.
ජල සැපයුම අත්හිටුවීමට පෙර අවශ්‍ය ප්‍රමාණයට ජලය රැස්කර ගන්නා ලෙසත්, ජල කප්පාදුව පවතින කාලය තුළ එය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
නඩත්තු කටයුතු හේතුවෙන් සිදුවන අපහසුතාව පිළිබඳව පාරිභෝගිකයින්ගෙන් සමාව අයදින බවද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.
