NextWatch

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට.

යහපාලනය, විනිවිදභාවය, වගවීම සහ සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වය වැනි මූලධර්ම ඔස්සේ ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කිරීම, කළමනාකරණය, නියාමනය, ප්‍රවර්ධනය සහ සංවර්ධනය කිරීම අරමුණු කරගත් “ශ්‍රී ලංකා ක්‍රිකට්” පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත හෙට (06) පැවැත්වෙන පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් මෙම නව පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ. මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්පූර්ණයෙන්ම එම නව පනත යටතේ ක්‍රියාත්මක වනු ඇත.

මෙම පනත් කෙටුම්පත ක්‍රියාත්මක වීමත් සමඟ මෙතෙක් අනෙකුත් ජාතික ක්‍රීඩා සංගම් මෙන් ජාතික ක්‍රීඩා පනත යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය වීම අවසන් වන අතර, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වෙනම ස්වාධීන නීතිමය රාමුවක් හිමිවීම විශේෂත්වයක් ලෙස සැලකේ.

Exit mobile version