NextWatch

හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහදගම අයිස් සමඟ අත්අඩංගුවට.

කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහදගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (05) මිරිහාන ප්‍රදේශයේ අවන්හලකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වේ.

Exit mobile version