NextWatch

නාමල් අදත් අධිකරණයට.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (06) යළිත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ සමාගමේ ගනුදෙනුවට අදාළව සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් පවතින නඩු කටයුත්තක් සඳහා පෙනී සිටීම වෙනුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව මෙලෙස අධිකරණයට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.

මෙම ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා ඇති අතර, එම නඩුවේ සිව්වන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.

ඒ අනුව, අද දිනයේදී මෙම නඩුවට අදාළ ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සහ වැඩිදුර විභාග කිරීම් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුකිරීමට නියමිතව ඇත.

Exit mobile version