දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
සරණ ගුණවර්ධන මහතාට පනවා ඇති සිරදඬුවම ලිහිල් කරවා ගැනීම සඳහා අධිකරණ කාර්ය සහායකයෙකුට රුපියල් 50,000ක අල්ලසක් ලබාදීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
