NextWatch

නාමල් සහ ජානකී නැවතත් ‍රක්ෂිත බන්ධනාගාරයට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන මහත්මිය ඔක්තෝබර් 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා අද (06) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබෙනවා.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව මෙම නඩුව ක්‍රියාත්මක වනවා.

මේ අතර, එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළ නඩුවේදී නාමල් රාජපක්ෂ මහතාට මේ වනවිට ඇප හිමිව තිබෙනවා.

Exit mobile version