ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් නොකරන ලෙසත්, සිවුරෙන් සැරසී අධිකරණය හමුවේ පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන ලෙසත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ අනුනායක ආචාර්ය කොටපිටියේ රාහුල හිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.
ඥානසාර හිමියන් විනය පිටකයට අනුව පරාජිකා වූ භික්ෂුවක් බවට හෝ සිවුර ඉවත් කිරීමට තරම් බරපතළ හේතුවක් ඇති බවට තම සංඝ සභාව වෙත කරුණු වාර්තා වී නොමැති බවද අදාළ ලිපියේ සඳහන් කර තිබෙනවා.
එමෙන්ම, ශාසනික වශයෙන් ඥානසාර හිමියන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා සිවුර ඉවත් කිරීම හෝ තවදුරටත් සිවුර දැරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් තීරණය කිරීම අදාළ මහ සංඝ සභාවේ වගකීමක් බවද එහි අවධාරණය කර තිබෙනවා.
භික්ෂුවකට සිවුර දැරීම සහ භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් අදාළ භික්ෂුවට සහ ඔහු අයත් මහ සංඝ සභාවට ඇති අයිතිය පිළිබඳවද ලිපියෙන් යොමු කර තිබෙනවා.
අදාළ ලිපියේ පිටපත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙතද යොමු කර ඇති බව සඳහන්.
