NextWatch

කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ – ඥානසාර හිමි

තමන් මේ වනවිට අවස්ථා කිහිපයකදී සිරගතව ඇති බවත්, කිසිදු රජයක් තම සිවුර ගලවා නොමැති බවත් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසනවා.

උන්වහන්සේ මෙම අදහස් පල කළේ, අද (06) කොළඹ මහාධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

සිවුර ගලවා දැමුවද තමන්ගේ අනන්‍යතාව වෙනස් නොවන බවත්, සිවුර ගලවා දැමුවත් නොදැමුවත් “ඥානසාර හාමුදුරුවෝ ඥානසාර හාමුදුරුවෝම” බවයි.

සිවුර පැළඳ අධිකරණයට පැමිණීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් සංඝ සභාව විසින් තීරණය කරනු ඇති බවද උන්වහන්සේ ප්‍රකාශ කළා.

තමන් රට වෙනුවෙන් කටයුතු කර ඇති බැවින්, මෙවැනි ඉරණමක් භාරගැනීමට සිදුවන බවද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ,

“දැන් 4,5 වතාවක් විතර හිරේ ගිහින් තියෙනවා. කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑනේ.සිවුර ගැලෙව්වා ඉතින්. ප්‍රශ්නයක් නෑ.සිවුර ගැලෙව්වත් නැතත් ඟානසාර හාමුදුරුවෝ ඟානසාර හාමුදුරුම තමයි. සිවුර දාගෙන එන්න අවසර දෙන එක සංඝ සභාව තීරණය කරයිනේ.මේක නා ඉතින් රටක් වෙනුවෙන් වැඩ කරලානේ. මේ ඉරණම අපි භාරගන්න එපැයි.”

Exit mobile version