NextWatch

චරිත්ට වද දුන් සබරේ 11කගේ ශිෂ්‍යභාවය අහෝසියි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ සිසුන් 11 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට විශ්වවිද්‍යාල පාලක සභාව තීරණය කර තිබෙනවා.

එම තීරණය ගෙන ඇත්තේ, දෙවැනි වසරේ අධ්‍යාපනය ලැබූ චරිත් දිල්ෂාන් නමැති සිසුවා නවක වදයට ලක්වීමෙන් අනතුරුව 2023 අප්‍රේල් 29 වැනිදා සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ විමර්ශන කමිටුවේ නිර්දේශ මත විශ්වවිද්‍යාල පාලක සභාව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

Exit mobile version