හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.
මේ අතර, ‘සිරිලිය සවිය’ සංවිධානයට අදාළ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මියද අද අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇයට එරෙහිව රාජ්‍ය බැංකුවකින් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් අවභාවිත කළ බව ඇතුළු චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙන බව වාර්තා වේ.
