රාජ්‍ය බැංකුවකට අයත් රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (07) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇයව ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
අධිකරණ නියෝගයෙන් පසු ඊයේ පස්වරුවේ බන්ධනාගාර බස් රථයකින් වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ආ ඇය, එහි කාන්තා අංශයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා සඳහන් කළේය. එසේම අධිකරණ නියෝග මත වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ඇයව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත යොමුකිරීමට පියවර ගන්නා බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
මේ අතර, අදාළ සිදුවීමටම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගනු ලැබූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබේ. ඊට අමතරව ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක්ද පනවා ඇත.
