NextWatch

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම අද (8) පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේදී ආරම්භ විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වී සිය අත්සන් තැබූහ. මෙම යෝජනාව සඳහා අර්චුනා රාමනාදන්, දයාසිරි ජයසේකර, චමින්ද විජේසිරි, චාමින්ද්‍රාණි කිරිඇල්ල, චාමර සම්පත් දසනායක සහ චානක සම්පත් මාධුගොඩ යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කථානායකවරයාට එරෙහි චෝදනා 49ක් පමණ මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර ඇති බව සඳහන් වේ. අත්සන් තබන ලද මෙම යෝජනාව හෙට (9) සිකුරාදා දින පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත නිල වශයෙන් භාරදීමට නියමිතය.

යෝජනාව භාරදීමෙන් අනතුරුව, ඉදිරි පාර්ලිමේන්තු සතියේදීම එය විවාදයට ගැනීමටත්, ඒ සඳහා දින දෙකක කාලයක් වෙන්කරවා ගැනීමටත් විපක්ෂය බලාපොරොත්තු වන බව වාර්තා වේ.

Exit mobile version