පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නීති විභාගය සම්පූර්ණ කිරීමේදී අක්‍රමිකතා සිදු කළ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි.
එමෙන්ම, ඊට අදාළ විමර්ශන වාර්තා ප්‍රසිද්ධ නොකර පොලීසිය විසින් සඟවාගෙන සිටින බවට ද ඔහු විසින් චෝදනා කර සිටී.
යම් පුද්ගලයෙකු විභාග කාමරයක් තුළ තනිව විභාගයකට මුහුණ දුන්නේ ද යන්න වැනි ඉතා සරල කාරණයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මෙතරම් දිගු කාලයක් ගතවන්නේ මන්දැයි සාගර කාරියවසම් මහතා එහිදී ප්‍රශ්න කර සිටියේය.
නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් සිරකර තැබීමේ අරමුණින්, ආණ්ඩුවේ බලපෑම සහ මැදිහත්වීම මත අදාළ විමර්ශන වාර්තා මෙලෙස සඟවාගෙන සිටින බවට දැඩි සැකයක් පවතින බවද ඔහු විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
