පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් ඕෂල හේරත් මහතා ගොනු කළ පෙත්සමේ වැඩිදුර විභාගය දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. නාමයෝජනා භාර දෙන අවස්ථාවේදී ඔහු රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු කර තිබීම මෙයට හේතුවයි.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම අධිකරණය හමුවේ ගොනු කර ඇති අතර, රාමනාදන් අර්ජුනා මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියි.
2024 මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර දෙන අවස්ථාව වන විට අර්ජුනා මහතා රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවයේ නිරතව සිට ඇති බවත්, එය මැතිවරණ නීතියට පටහැනි බවත් පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් පෙන්වා දී ඇත.
