හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
නිසි ක්‍රියාපටිපාටියෙන් තොරව තෝරාගත් සමාගම් තුනකට පමණක් ෆොස්ෆේට් අපනයනයට අවස්ථාව සලසා දීම සහ ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහාය වීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 81 ක අල්ලසක් ලබා ගත් බවට එල්ල වී ඇති චෝදනාව මත අල්ලස් කොමිසම විසින් ඔහුට එරෙහිව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
