NextWatch

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ මහත්මියගේ නඩුව මේ මස 26 වැනිදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ මෙම පැමිණිල්ල අද කැඳවූ අතර, මේ වන විට ඇප මත මුදාහැර සිටින ශෂී වීරවංශ මහත්මිය ද අධිකරණයේ පෙනී සිටියාය

තමන්ට නියම වූ සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් තහවුරු කර ඇති බවත්, ඊට එරෙහිව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇති බවත් මෙහිදී අධිකරණයට දැනුම් දෙනු ලැබිණි.

ඒ අනුව කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, එම අභියාචනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය සටහන් ඉදිරිපත් කිරීම සඳහා නඩුව ලබන 26 වනදා යළි කැඳවීමට නියෝග කළේය.

Exit mobile version