NextWatch

සෞදියේදී අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි

ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් හේතුවෙන්, සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසාගේ දඬුවම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔක්තෝබර් 13 වන දින අත්හිටුවා ඇත.

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා නැමැති ශ්‍රී ලාංකික තරුණයාට එරට මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර පනවන ලද මරණ දඬුවම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා ඇති බව නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සඳහන් කරයි. සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙය සිවරාසා මහතාට සහ ඔහුගේ පවුලේ අයට ලැබුණු විශාල සහනයක් ලෙස හැඳින්වූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකා රජය විසින් ගෙන යන ලද අඛණ්ඩ රාජ්‍ය තාන්ත්‍රික හා නීතිමය උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය අත්වූ බව පැවසීය. මෙහිදී සෞදි අරාබි රජයට මෙන්ම, දෙරටේ තානාපති කාර්යාල හා නීතිඥ කණ්ඩායම් වෙත ද සිය කෘතඥතාව පළ කර තිබේ.

Exit mobile version