සමාජ මාධ්ය ඔස්සේ අසත්ය සහ නොමඟ යවන සුළු තොරතුරු ප්රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ශ්රී ලංකා පොලීසිය අනතුරු අඟවයි.
පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ඊයේ (13) මාධ්ය වෙත අදහස් දක්වමින් මේ බව අවධාරණය කළේය.
ඔහු පෙන්වා දුන්නේ ඇතැම් පාර්ශ්වයන් විසින් හිතාමතාම සිදුකරන මෙවැනි අසත්ය ප්රචාරයන් හේතුවෙන් මහජනතාව නොමඟ යෑමට මෙන්ම සමාජය තුළ අනවශ්ය බියක් සහ කැළඹිලි සහගත තත්ත්වයක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බවයි.
මේ හේතුවෙන් සමාජ මාධ්ය ජාලා තුළ සැරිසරන, නිසි පරිදි තහවුරු නොකළ තොරතුරු නැවත හුවමාරු කිරීමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
එවැනි අසත්ය කරුණු සමාජගත කරමින් මහජන සාමයට බාධා පමුණුවන පළකිරීම් සම්බන්ධයෙන් පොලීසිය දැඩි සෝදිසියෙන් පසුවන බව මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේය. එලෙස කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන පරිගණක අපරාධ පනත සහ ලංකා දණ්ඩ නීති සංග්රහය යටතේ උපරිම නීතිමය පියවර ගනිමින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් ප්රකාශ කළේය.
