NextWatch

ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුවකට අවුරුදු 10ක්වත් ඕනේ

ජනතාවගේ සැබෑ අවශ්‍යතා සම්පූර්ණයෙන් ඉටු කරමින් සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව අවසන් කිරීමට නම් ආණ්ඩුවක් අවම වශයෙන් වසර දහයක්වත් අඛණ්ඩව පවතින බවට අවස්ථාව ලැබිය යුතු බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ප්‍රකාශ කරයි.

ආණ්ඩුව බලයට පත්වී වසරක් හෝ දෙකක් ගතවන විට මාර්ග ඉදිකිරීම ඇතුළු විවිධ සංවර්ධන කටයුතු කඩිනමින් ඉටු කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වුවද, සියලු කටයුතු එකවර සිදුකිරීම ප්‍රායෝගික නොවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම, පවතින රාජ්‍ය නිලධාරීන් සමඟ සියලු කටයුතු ඉටු කිරීමේ අභියෝගයද ආණ්ඩුවට පවතින බව සඳහන් කළ ඒ මහතා, මහපොළොවේ ජීවත් වූ මහජන නියෝජිතයන් ලෙස ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලු පිළිබඳව තමන්ට මනා අවබෝධයක් පවතින බවද වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version