NextWatch

පොහොට්ටුවේ සංවිධායකයින් දෙදෙනෙක් අතර ගුටිබැට හුවමාරුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක නිමල් පියතිස්ස මහතා සහ කොත්මලේ ආසන සංවිධායක පරාක්‍රම දසනායක මහතා අතර ඇතිවූ උණුසුම් බහින්බස්වීමක් ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වීමෙන් පක්ෂ රැස්වීමක් අතරමඟ නැවතී තිබේ.

ඊයේ දික්ඔය ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ රැස්වීමක් අතරතුර මෙම ගැටුම ඇතිවී ඇත. තමන් දැනුවත් නොකර නිමල් පියතිස්ස මහතා විසින් කොත්මලේ ආසනය තුළ පක්ෂ රැස්වීමක් සංවිධානය කිරීම පිළිබඳව විමසීමට ගිය අවස්ථාවේදී මෙම බහින්බස්වීම සහ පහරදීම සිදුවූ බව කොත්මලේ ආසන සංවිධායක පරාක්‍රම දසනායක මහතා පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂයේ මහලේකම්වරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවෙතත්, නිමල් පියතිස්ස මහතා චෝදනා කරන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත නුවරඑළිය දිස්ත්‍රික් සම්මේලනය වෙනුවෙන් තමන් සංවිධානය කළ රැස්වීම කඩාකප්පල් කිරීමට පරාක්‍රම දසනායක මහතා පිරිසක් සමඟ පැමිණි බවයි. එහිදී තමන් සහ තම ආධාරකරුවන් එක්ව එලෙස පැමිණි පිරිසට පහරදී පලවා හැරි බවද පියතිස්ස මහතා ප්‍රකාශ කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා එල්ල කරගන්නා අතර, ගැටුම හමුවේ අදාළ රැස්වීම පවත්වාගෙන යාමට නොහැකිව අතරමඟ නවතා දැමීමට සිදුව ඇත.

Exit mobile version