ඥානසාර හිමිට සමාව නොලැබෙන්නේ නම්, ඒ සඳහා වෙනත් ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට පවා සිදුවන බව බලංගොඩ කස්සප හිමියෝ අවධාරණය කරති.
උන්වහන්සේ මේ බව ප්රකාශ කළේ ඊයේ (18) රාත්රියේ කොළඹ විහාරමහාදේවි උද්යානය අසල පැවති විරෝධතාවකට එක්වෙමිනි. පසුගිය 17 වැනිදා හදිසියේ රෝහල්ගත කෙරුණු කස්සප හිමියන්, යළිත් ඊයේ දිනයේදී මෙම විරෝධතා භූමියට පැමිණ අදහස් දැක්වීම විශේෂත්වයකි.
සිරදඬුවම් විඳිමින් සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කිසිදු කොන්දේසියකින් තොරව නිදහස් කර ගැනීම මෙම විරෝධතාවයේ ප්රධානතම අරමුණ බව මෙහිදී උන්වහන්සේ සඳහන් කළහ. කෙසේ වෙතත් වත්මන් රජය මෙම විරෝධතාව සම්බන්ධයෙන් වැරදි අවබෝධයකින් පසුවන බවත්, භික්ෂූන් වහන්සේලා ආණ්ඩුව පෙරළීමට උත්සාහ ගන්නා බවට රජය සිතමින් සිටින බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
ජනාධිපතිවරයා දිගින් දිගටම මුරණ්ඩු ලෙස කටයුතු කරන්නේ නම් සහ ඥානසාර හිමියන් නිදහස් කරගැනීමට වෙනත් නීත්යනුකූල ක්රියාමාර්ගයක් නොමැති නම්, වෙනත් ජනාධිපතිවරයෙකු පත් කරගෙන හෝ අදාළ කාර්යය ඉටු කරගැනීමට සිදුවන බව බලංගොඩ කස්සප හිමියන් එහිදී වැඩිදුරටත් කියා සිටියහ.
