වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්රී ලංකා යුද හමුදාව එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ‘අග්බෝ’ ඇතා නාච්චාදූව වැව් රක්ෂිතයේදී යහපත් සෞඛ්ය තත්ත්වයෙන් පසුවෙද්දී සොයාගෙන තිබේ.
තිරප්පනේ, නාච්චාදූව වැව් රක්ෂිතයේදී අග්බෝ ඇතා සොයාගන්නා අවස්ථාව වන විටත් යහපත් සෞඛ්ය තත්ත්වයෙන් පසුවූ බව අදාළ ප්රදේශය භාර වනජීවී අඩවි සහකාර බුද්ධික මහතා තහවුරු කර ඇත.
ඒ අනුව, අග්බෝ ඇතා මේ වන විට නාච්චාදූව වැව් රක්ෂිතය තුළ ඉතා නිරුපද්රිතව සැරිසරමින් සිටින බව පරිසර අමාත්යාංශයේ මාධ්ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.
