විදේශ අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේ පැවැත්වූ රැස්වීමක් පිළිබඳ විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාදීමට හිටපු අමාත්ය ජී.එල්. පීරිස් මහතා අද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කරන ලද නිල දැනුම්දීමකට අනුව හිටපු අමාත්යවරයා මෙලෙස එම කොමිෂන් සභාව හමුවට පැමිණ ඇත. විදේශ කටයුතු අමාත්ය ධුරය දැරූ සමයේ සිදුවූ බව කියන සිදුවීමක් හා ඊට අදාළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස තොරතුරු විමසා ප්රකාශයක් සටහන් කරගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර තිබේ.
මෙම සිදුවීමට අදාළ ඉදිරි විමර්ශන කටයුතු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඉදිරියටත් පවත්වාගෙන යනු ඇත.
