NextWatch

ප්‍රකාශයක් දීමෙන් පසු ජී.එල්. පීරිස් අල්ලස් කොමිසමෙන් පිටව යයි

විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ පැවැත්වූ රැස්වීමක් සම්බන්ධ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කරන ලද නිල දැනුම්දීමකට අනුව හිටපු අමාත්‍යවරයා අද උදෑසන එම කොමිසම හමුවේ පෙනී සිටියේය. විදේශ කටයුතු අමාත්‍ය ධුරය දැරූ සමයේ සිදුවූ බව කියන සිදුවීමක් හා ඊට අදාළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු විමසා ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර තිබුණි.

අදාළ ප්‍රකාශය ලබාදීමේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිටව ගිය බව වාර්තා වේ.

Exit mobile version