හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් මෙන්ම නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන 28 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ එකවර තනතුරු දෙකක් සඳහා වැටුප් ලබාගත්තේ යැයි කියන සිද්ධියකට අදාළව සැකකරු අද (21) කොටුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත්රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.
සිද්ධියට අදාළව මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ප්රකාශයට පත් කර ඇත.
