මහනුවර – යාපනය A9 මාර්ගයේ අලවතුගොඩ, කුරුගොඩ 07 කණුව ප්රදේශය අද (21) පෙරවරු 9.00 සිට දහවල් 12.00 දක්වා තාවකාලිකව වසා තැබීමට පොලීසිය පියවර ගෙන තිබේ. ඒ ඔක්තෝබර් 19 වැනිදා එම ප්රදේශයේ සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ ප්රයිමුවර් රථය සහ එහි ට්රේලරය එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
මාර්ගය වසා තැබෙන කාලය තුළ රියදුරන්ට පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.
මහනුවර සිට මාතලේ දෙසට ගමන් කරන වාහන සඳහා: කටුගස්තොට, මඩවල, වත්තේගම, උකුවෙළ සහ ඇල්වල හරහා ගමන් කර A9 මාර්ගයට පිවිසිය හැකිය.
මාතලේ සිට මහනුවර දෙසට ගමන් කරන බර වාහන සඳහා: ඇල්වල, උකුවෙළ, වත්තේගම, මඩවල සහ කටුගස්තොට හරහා මහනුවර දෙසට ගමන් කළ හැකිය.
මාතලේ සිට මහනුවර දෙසට ගමන් කරන සැහැල්ලු වාහන සඳහා: අලවතුගොඩ, ඕවිස්ස, පූජාපිටිය සහ අඹතැන්න හරහා කටුගස්තොටට පිවිස මහනුවර දෙසට ගමන් කළ හැකිය.
මාර්ගය වසා තැබෙන කාලය තුළ ඇති විය හැකි අපහසුතා අවම කර ගැනීම සඳහා අදාළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
