තමන් ක්රීඩා අමාත්ය ධුරයේ සිටින තාක්කල් ශ්රී ලංකාවේ ක්රිකට් ක්රීඩාව අභාවයට යෑමට කිසිවිටෙකත් ඉඩ නොතබන බව තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව ප්රකාශ කළේය.
පෙර පැවති කිසිදු ආණ්ඩුවකට ක්රිකට් ක්රීඩාව සම්බන්ධයෙන් ජාතික පනතක් නිර්මාණය කර ගැනීමට නොහැකි වූ බව පෙන්වා දුන් අමාත්යවරයා, වත්මන් ආණ්ඩුව විසින් එම පනත කෙටුම්පත් කර මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය. දැන් ඉතිරිව ඇත්තේ එය විවාදයට ගෙන අනුමැතියට ලක් කිරීමේ පියවර පමණක් බවත්, පාර්ලිමේන්තු ක්රියාවලිය හේතුවෙන් යම් කාලයක් ගත වන බවත් ඔහු කියා සිටියේය.
මෙම පනත සම්මත වීමෙන් අනතුරුව ලංකාවේ ක්රිකට් ක්රීඩාව නැවතත් ස්වර්ණමය යුගයකට ගෙන යාමට හැකි වනු ඇති බවට අමාත්යවරයා දැඩි විශ්වාසය පළ කළේය.
