කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසුව මෙරට දැඩි අවදානමකට මුහුණ දී සිටින තවත් ඇතුන් 13 දෙනෙකුගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශවල මැදිහත්වීම සහ කඩිනම් වැඩපිළිවෙළක් අවශ්ය බව ශ්රී ලංකා වයිල්ඩ් ටස්කර් සංවිධානයේ ප්රධාන සංවිධායක චන්දික ලක්මාල් මහතා පවසයි. විශේෂයෙන්ම අග්බෝ සහ වාසල ඇතුන් දැඩි අවදානමකට මුහුණ දී සිටින අතර මහානාම, බූන්දල කාශ්යප, සුරනිමල, සුමේධ, සූර්යා, මහා, මහාසේන, දීඝාබය, ගජබාහු සහ වන්නියාන් ඇතුළු ඇතුන්ගේ ආරක්ෂාව කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
මෙම ඇතුන් ජීවත්වන ප්රදේශ සහ උන්ගේ හැසිරීම් රටා සලකා බලා විධිමත් ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්රියාත්මක කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.
එසේම කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා සිදුකළ ප්රකාශය පිළිබඳව දැඩි අප්රසාදය පළ කළ චන්දික ලක්මාල් මහතා, එම ප්රකාශය වහාම ඉල්ලා අස්කර ගත යුතු බවත් එවැනි අදහස් දැරීමෙන් ඉතිරි ඇතුන්ගේ ජීවිත පවා අනතුරේ වැටෙන බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.
