දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක හතක ප්රදේශ රැසක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (22) රාත්රී 10:00 දක්වා බලපැවැත්වෙන පරිදි නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ යටතේ මහනුවර දිස්ත්රික්කයේ උඩපළාත, මැදදුම්බර සහ කුණ්ඩසාලේ, නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව මෙන්ම රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර, ඇලපාත සහ කුරුවිට යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මෙම ප්රදේශවල ජීවත් වන ජනතාව වර්ධනය වන අවදානම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව අදාළ නිවේදනයේ දැක්වේ.
මීට සමගාමීව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්රික්කවල තවත් ප්රදේශ රැසක් සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
පවතින අවදානම් සහගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්, කඳුකර සහ නායයෑම් බහුල ප්රදේශවල පදිංචිකරුවන් මෙන්ම එම මාර්ගවල ගමන් ගන්නා රියදුරන් නායයෑම්, පස් කඳු කඩා වැටීම් සහ ගල් පෙරළීම් පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව ආපදා කළමනාකරණ අංශ අවධාරණය කරයි. භූමියේ යම් අවදානම් ලක්ෂණයක් දුටුවහොත් හෝ අවශ්යතාවයක් මතු වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස බලධාරීන් ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
