මෙරට වේදිකාව, පුංචි තිරය සහ සිනමාව සිය විශිෂ්ට රංගන ප්රතිභාවෙන් එකලු කළ ප්රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල මහතා අභාවප්රාප්ත වී තිබේ. අභාවප්රාප්ත වන විට ඒ මහතා 73 වන වියේ පසුවිය.
කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්රාප්ත වූ රහල් බුලත්සිංහල මහතා, ප්රවීණ රංගන ශිල්පිනි සුසිලා කෝට්ටගේ මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා ද වේ.
දශක ගණනාවක් පුරා ශ්රී ලාංකීය කලා ක්ෂේත්රය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටු කළ එතුමාගේ අභාවය වෙනුවෙන් කලා ක්ෂේත්රයේ පිරිස්, හිතවතුන් සහ ප්රේක්ෂකයින් සිය ශෝකය පළ කර සිටියි.
