NextWatch

සුරේෂ් සලේ නඩුවේ අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේපයි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් ගොනු කර තිබූ රිට් පෙත්සමට අදාළව ඉදිරිපත් වූ අතරමැදි පෙත්සම් අභියාචනාධිකරණය විසින් අද (22) ප්‍රතික්ෂේප කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් සුරේෂ් සලේ මහතා අදාළ රිට් පෙත්සම අධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

එම රිට් පෙත්සමට මැදිහත් වී පක්ෂව කරුණු දැක්වීම සඳහා බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් මෙන්ම, ඊට විරුද්ධව කරුණු දැක්වීම අරමුණු කරගනිමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම ද මෙලෙස ප්‍රතික්ෂේප කළ පෙත්සම් අතරට අයත් වේ.

Exit mobile version