NextWatch

හූනියම් කරලා ජනපතිව මරන්න හදනවා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඝාතනය කිරීමේ චේතනාවෙන් ඔහුගේ මැටි රූපයක් සකස් කර යාතුකර්මයක් සිදුකරන බවට ජන බලය සාමූහිකයේ සාමාජිකා මහාචාර්ය ගීතිකා ධර්මසිංහ මෙනවිය චෝදනා කරයි.

ඊයේ (21) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ මැටි රූපයක් සකස් කර මහසෝන් යක්ෂයා කැඳවා ඔහුගේ හිස සත්කඩකට පැළී යන ආකාරයේ යාතුකර්මයක් සිදුකිරීම පිටුපස ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ අරමුණක් ප්‍රකාශ වන බවයි.

යාතුකර්ම බෞද්ධ ආගම සමඟ ඈත අතීතයේ සිට පැවතුණද, බුදු දහමේ මූලික ඉගැන්වීම්වලට අනුව චේතනාව සහ ප්‍රාණඝාතයෙන් වැළකීම අතිශය වැදගත් වන බව ඇය පෙන්වා දුන්නාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ගීතිකා ධර්මසිංහ මෙනවිය,

“බෞද්ධයෙක් වුණාම මූලික වශයෙන් චේතනාව හරි වැදගත්. මෙතන ජනාධිපති අනුර දිසානායකව මැටියෙන් හදලා මහසෝන් යකාව ගෙන්නලා ඔලුව සත් කඩකට පැලෙන්න යාතුකර්මයක් කරනවා. එයාලගේ චේතනාව තමයි ජනාධිපතිවරයව ඝාතනය කිරීම.”

භික්ෂුවක් ලෙස පෙනී සිටින පුද්ගලයෙකු මෙවැනි ක්‍රියාවකට සම්බන්ධ වීම පිළිබඳව ප්‍රශ්න කළ ඇය, ඊට එක්ව සිටි අනෙකුත් භික්ෂූන් වහන්සේලා තුළ ද භික්ෂුත්වය හෝ බුදු දහම පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බවට වැඩිදුරටත් චෝදනා කළාය.

Exit mobile version