NextWatch

ජවිපෙ සන්නද්ධ ක්‍රියාකාරකම් ගැන දයාසිරිගෙන් ප්‍රශ්න.

පසුගිය භීෂණ සමයට අදාළ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීම සඳහා මාස දෙකක කාලයක් අවශ්‍ය බව අද (22) අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

ඒ අනුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් අග්‍රාමාත්‍යවරිය වෙත යොමු කර තිබූ අදාළ ප්‍රශ්නාවලිය පහත පරිදි වේ.

  1. 1987 සිට 1990 දක්වා කාලසීමාව තුළ ජනතා විමුක්ති පෙරමුණ විසින් එල්ල කළ ප්‍රහාරවලට ලක්වූ යුද හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන මොනවාද?
  2. එකී පහරදීම් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ මෙන්ම ආබාධිත තත්ත්වයට පත් වූ හමුදා සාමාජිකයින්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද?
  3. එම ප්‍රහාර මඟින් පැහැරගන්නා ලද මුළු ආයුධ සංඛ්‍යාව කොපමණද?
  4. ඉන් ආරක්ෂක අංශ විසින් යළි අත්අඩංගුවට ගෙන ඇති ආයුධ ප්‍රමාණය කොපමණද?
  5. නැවත රජය වෙත භාර දී ඇති ආයුධ සංඛ්‍යාව කොපමණද?
  6. මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති හෝ රජයට භාර දී නොමැති ආයුධ කොපමණද
  7. එලෙස රජයේ භාරයට පත් නොවූ ආයුධ සම්බන්ධයෙන් රජය විසින් මේ වන විට ගෙන ඇති පියවර කවරේද?

මෙම ප්‍රශ්න මඟින් අසනු ලබන කරුණු ආරක්ෂක අංශවලට සම්බන්ධ දත්ත මෙන්ම දශක කිහිපයක් පැරණි තොරතුරු වන බැවින්, අදාළ නිවැරදි සංඛ්‍යාලේඛන එක්රැස් කර සවිස්තරාත්මක පිළිතුරක් පාර්ලිමේන්තුවට ලබාදීම සඳහා මෙලෙස අමතර කාලයක් ගතවන බව අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

Exit mobile version