ලක්විජය ගල්අඟුරු බලාගාරයේ අංක දෙක ජනන යන්ත්රය යළිත් පූර්ණ ධාරිතාවයෙන් ක්රියාත්මක වීමත් සමඟ, අද (22) සිට විදුලි කප්පාදුවක් සිදුකිරීමේ කිසිදු අවශ්යතාවක් මතු නොවන බව ජාතික පද්ධති ක්රියාකරු (පෞද්ගලික) සමාගම නිවේදනය කරයි.
අද (22) පස්වරු 1.31 ට පමණ අදාළ ජනන යන්ත්රය මෙගාවොට් 270 ක සිය උපරිම ධාරිතාවට ළඟා වීමත් සමඟ මෙලෙස ජාතික විදුලි සැපයුම සාමාන්ය තත්ත්වයට පත් කිරීමට හැකි වී තිබේ. ඒ අනුව මින් ඉදිරියට විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමේ අතිරේක ක්රියාමාර්ග අවශ්ය නොවන බව එම සමාගම පෙන්වා දෙයි.
පසුගිය 17 වැනි සෙනසුරාදා පෙරවරු 11.43 ට පමණ ජාතික සම්ප්රේෂණ පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදුවිය. එම තත්ත්වය හමුවේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්ර තුනම එකවර අක්රිය වූ අතර, විදුලි සැපයුම කළමනාකරණය කිරීමේ අරමුණින් දිවයින කලාප හතරකට බෙදා ඔක්තෝබර් 19, 20 සහ 21 යන දිනවල දෛනිකව පැයක විදුලි කප්පාදුවක් ක්රියාත්මක කිරීමට බලධාරීන්ට සිදුවිය.
