NextWatch

ඥානසාර හිමිගේ පෙත්සම් විභාගය කල්යයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් විසින් ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් ලබන නොවැම්බර් 18 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය අද (22) නියෝග කර තිබේ.

අදාළ පෙත්සම් අද දිනයේදී අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා, මහේන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, නඩුකරය සම්බන්ධයෙන් වැඩිදුරටත් සලකා බැලීම සඳහා මෙලෙස කල් තැබීමට අධිකරණය තීරණය කර ඇත.

බන්ධනාගාර බලධාරීන්ගේ අදාළ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනුකර තිබුණි.

Exit mobile version