NextWatch

සෞදි තානාපති අමේර් අජ්වාඩ් අනෝජන් සිවරාසා හමුවෙයි

මරණ දඬුවම අහෝසි වී නැවත නඩු විභාගයට යොමු වූ අනෝජන් සිවරාසා මහතා දම්මාම් බන්ධනාගාරයේදී හමු වූ සෞදියේ ශ්‍රී ලංකා තානාපති අමේර් අජ්වාඩ් මහතා, ඉදිරි නීතිමය හා කොන්සියුලර් සහාය අඛණ්ඩව ලබාදෙන බව තහවුරු කළේය. සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර පනවා තිබූ මරණ දඬුවම අහෝසි කිරීමෙන් අනතුරුව ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම හමුව සිදුවිය.

මෙහිදී ඉදිරි නඩු විභාගයේදී කරුණු නිසි පරිදි ඉදිරිපත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් තානාපතිවරයා, අනෝජන් සිවරාසා මහතා, ඔහුගේ නීතිඥවරුන් සහ තානාපති කාර්යාලය අතර සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව අවධාරණය කළේය. එමෙන්ම, සෞදි අධිකරණයේ ස්වාධීනත්වයට හා නීතිමය ක්‍රියාපටිපාටියට ගරු කරමින් මෙම කටයුතු සිදුකරන බව පැවසූ තානාපතිවරයා, අනෝජන් මහතාගේ සුබසාධනය වෙනුවෙන් සහයෝගය දක්වන බන්ධනාගාර බලධාරීන්ට ද සිය ස්තුතිය පළ කර සිටියේය.

Exit mobile version