අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ සහ ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටි අනුෂා ලක්මාලි නොහොත් ‘අචිනි’ නමැති සැකකාරිය මෙරටට රැගෙනවිත් තිබේ. ජාත්යන්තර පොලිසිය මගින් නිකුත් කර තිබූ රතු නිවේදනයකට අනුව එක්සත් අරාබි එමීර් රාජ්යයේදී අත්අඩංගුවට ගත් ඇය මෙලෙස ශ්රී ලංකාවට පිටුවහල් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම ත්රිත්ව ඝාතන සිද්ධියට ඇයගේ ඇති සෘජු සම්බන්ධතාව සහ සංවිධානාත්මක පදනම සොයා බැලීම සඳහා පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
