NextWatch

වස්කවියක් නිසා තරුණයෙකු පොලිස් ගෙනා බවට ගිය ව්‍යාජ ප්‍රචාරය ගැන පරීක්ෂණ!

වස්කවියක් ලියූ බවට සැකපිට තරුණයෙකු දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කරගත් බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් මඟින් සිදුකර ඇති අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

පසුගිය 22 වනදා හෝ ඊට ආසන්න දිනයකදී මෙම සිදුවීම වූ බව හඟවමින් සමාජ මාධ්‍ය ජාලාවල අදාළ වීඩියෝ පටය සංසරණය වී තිබූ අතර, පොලිස්පතිවරයාගේ සෘජු නියමයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් මේ පිළිබඳ විමර්ශන මෙහෙයවනු ලබයි.

මේ අතර, අදාළ වීඩියෝ පටය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් සිදුකළ බව කියන නීතිඥ සුදත් වික්‍රමරත්න මහතාගෙන් පසුගිය 26 වනදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා දීර්ඝ ලෙස ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

මෙම අසත්‍ය ප්‍රචාරය සිදුකිරීමේ අරමුණ සහ ඊට සම්බන්ධ සෙසු පාර්ශ්වයන් හඳුනාගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version