NextWatch

නාමල් රාජපක්ෂ 28 වැනිදා ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට

එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ මස 28 වැනිදා කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේ අදාළ අධිකරණය හමුවට ඉදිරිපත් කරන තෙක් සැකකාර මන්ත්‍රීවරයා තවදුරටත් රඳවා තබා ගන්නා ලෙසයි.

එමෙන්ම, නාමල් රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වන වාර්තාව මේ මස 30 වැනිදා තම අධිකරණය හමුවේ තබන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර බලධාරීන්ට වැඩිදුරටත් නියෝග කර ඇත.

Exit mobile version