NextWatch

රඹෑවේ වන අලි දෙදෙනෙකුට විදුලි සැර වද්දා ඝාතනය කළ අය අත්අඩංගුවට

රඹෑව, පිලිනිගම ප්‍රදේශයේ අනවසර විදුලි වැටක් යොදා වන අලි දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ඉඩමේ හිමිකරු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වනජීවී නිලධාරියෙකුට ලැබුණු තොරතුරකට අනුව අලුත්ගම ගම්මානයේදී මෙම වන අලි දෙදෙනාගේ සිරුරු සොයාගෙන ඇති අතර, පන්දුලගම වනජීවී පශු වෛද්‍ය නිලධාරිනී මදුවන්තී මහත්මිය පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විදුලි සැර වැදීමෙන් මරණය සිදුව ඇති බව තහවුරු වී ඇත.

ඒ අනුව ඊයේ (27) සවස අත්අඩංගුවට ගත් අදාළ ඉඩම් හිමිකරු, අද (28) මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version