NextWatch

හිටපු තරුණ සේවා ප්‍රධානී ලලිත් පියුම් අත්අඩංගුවට.

රජයට රුපියල් ලක්ෂ පනහකට අධික මූල්‍ය පාඩුවක් සිදුකළ බවට එල්ල වූ බරපතළ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයෙකු වන නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.

රජයට අයත් ඉඩමක් නියමිත නීතිමය ක්‍රමවේදයන් සහ මාර්ගෝපදේශවලින් බැහැරව ලබාගනිමින්, රජයට රුපියල් ලක්ෂ 50කට අධික මූල්‍යමය පාඩුවක් සිදුකළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

අල්ලස් කොමිසම වෙත ලැබුණු පැමිණිල්ලකට අදාළව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකාර හිටපු සභාපතිවරයා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා මේ වන විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන විත් තිබේ.

Exit mobile version