වැලිසර බන්ධනාගාරයේ රඳවාගෙන සිටින ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුගේ ඇප ඉල්ලීම් සහ තවත් විත්තිකරුවන් දෙදෙනකු නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරු විසින් කළ ඉල්ලීම් කොළඹ මහාධිකරණය විසින් අද (29) ප්රතික්ෂේප කරනු ලැබීය. කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇත.
මහාධිකරණය විසින් ලබාදුන් නියෝගයකට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබීම හේතුවෙන්, මෙම අවස්ථාවේදී අදාළ ඇප ඉල්ලීම් සලකා බැලිය නොහැකි බව විනිසුරුවරයා සිය නියෝගයේ වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
