හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජික පිරිසක් ඇතුළු වග උත්තරකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අධිකරණය ඊයේ (01) අවසර ලබාදී තිබේ.
පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ, එක්කොත් රජය සමයේ එප්පාවල පොස්පේට් නිදියෙන් ලබාගන්නා පොස්පේට් තොග සම්මත මිල ගණන්වලට වඩා අඩු මිල ගණන්වලට තමන්ට හිතවත් සමාගම් කිහිපයකට අපනයනය කිරීම සඳහා නිකුත් කිරීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි. පරිසර යුක්ති කේන්ද්‍රය මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, නීතිපතිවරයා ඇතුළු තිස් දෙනෙකු නම්කර තිබේ.
ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ජේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (1) මෙම පෙත්සම සලකා බැලිණි
